Week 04

"ඔයා දන්නවද ඔයා නැතුව මම පහුගිය දවස් ටිකේ කොච්චර පාළුවෙන්ද හිටියේ කියලා.."
"ඒකනේ මම ඉක්මනටම ආවේ.."
"මම ඔයාට ලිලී මල් ගෙනාවා.."
"Wow! මේකේ ලස්සන.."
"මටත් හිතුනා වෙනසකටත් එක්ක අද ලිලී මල් අරන් බලන්න.."
"ඔයා දන්නවද ලිලී කියන්නේ ලෝකේ වැඩි දෙනෙක්ම කැමති මල් අතර තියන මලක්.."
"මම ඒක දැනන් හිටියේ නෑනේ.."
"මට නම් හැබැයි ලිලී කියපු ගමන් මතක් වෙන්නේ Severus Snape ව.."
"ඒ ඇයි.."
"ලිලී කියන්නේ හැරී පොට'ගෙ අම්මා. සෙවරස් ස්නේප් තමන් මැරෙනකන්ම ලිලීට ආදරේ කරා.."
"ඔන්න ඔයාගෙ හැරී පොට' obsession එක එළියට එනවා.."
"ඔයා දන්නවද? ස්නේප්ට ලිලීව තුන් පාරකදී නැති උනා.."
"මුලින්ම ලිලී ජේම්ස්ට ආදරේ කරන්න පටන්ගත්ත වෙලාව.."
"දෙවනි වතාව ලිලී වෝල්ඩ' මෝඩ් අතින් මැරෙණ වෙලාව.."
"තුන් වෙනි වතාව වෝල්ඩ මෝඩ් ස්නේප්ව මරණ වෙලාව.."
"පොඩ්ඩක් ඉන්න, ලිලීව මුලින් වෝල්ඩ' මෝඩ් අතින් මැරුණා නම් කොහොමද තුන් වෙනි පාරකට ස්නේප්ට නැති වෙන්නේ.."
"මම හිතන විදියට වෝල්ඩ' මෝඩ්ගෙ අතින් ලිලීව මැරුණාම ස්නේප්ට හිත හදාගන්න පුළුවන් වෙනවා තව දුරටත් ලිලීව ජේම්ස්ට අයිති නෑ කියන එක. ඊට පස්සේ ලිලී ස්නේප්ගෙ හිතේ ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒකයි මම ස්නේප්ට තුන් වෙනි පාරට ලිලීව නැති වෙන්නේ ස්නේප් මැරෙන මොහොතේ කියලා කිව්වේ.."
"ඒත් ස්නේප්ට එක පාරක්වත් එයාගෙ ආදරේ ලබාගන්න බැරි උනා නේද ?"
"ආදරේ ලැබෙන්න ඕනමද ආදරේ කරන්න..💛🌻"

PS: All these words and conversations are just my imagination. Sometimes, I imagine spending time with you like this, sharing conversations and moments that exist only in my mind.